74 වන නාවික හමුදා සංවත්සර දින සුහද හමුව වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී, උත්කර්ෂවත් අයුරින් පවත්වයි . ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය වෙනුවෙන් ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ සුහද හමුව 2024 නොවැම්බර් මස 22 වන දින වැලිසර Wave N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී මාලා ළමාහේවා මැතිණියගේ ආරාධනයෙන්, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හා එම මැතිණිය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා එම මැතිණිය, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ හා එම මැතිණිය, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ හා එම මැතිණිය, ශ්‍රී ලංකා වැඩ බලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය, හිටපු නාවික හමුදාධිපතිවරුන් සහ සම්භාවනීය ආරාධිතයන් ගේ ගෞරවනීය සහභාගීත්වය සමඟි...
Comments
Post a Comment